Wednesday, June 16, 2010

ලංකාවේ අවසන් රජතුමා

මගේ මිතුරෙකුගේ පුත්‍රයෙක් ඉන්නවා පාසල් යන වයසේ. දන්න විදිහට පුත්‍රයා 4 වැනි පංතියේ. අද පංතියේදි ගුරැතුමිය විසින් අතීත රජවරැන් ගැන පාඩමක් ළමුන්ට උගන්වලා තියේනවා. පාඩම අවසානයේදී ගුරැතුමිය විසින් ප්‍රශ්ණ කිහිපයක් අහලත් තියෙනවා. එයින් එක් ප්‍රශ්ණයක් වෙන්නේ ලංකාවේ අවසන් රජතුමා කවුද යන්නයි. මගේ මිතුරගේ පුත්‍රයා නැගිට්ට ගමන් මහින්ද රාජපක්‍ෂ යැයී උත්තර දී ඇත. මහින්ද රාජපක්‍ෂ රජතුමෙක් නොවන බවත් ඔහු ලංකාවේ ජනාධිපති බවත් රජතුමා හා ජනධිපති යනු දෙදෙනෙක් බවත් ගුරැතුමිය විසින් මේ කුඩා පොරිසාදයට කියා දෙන ලදි. නමුත් තාත්ත ‍වගේම වන පුත්‍රයා ගත් කටට ම ගුරැතුමියට කියා ඇත්තේ
ටීචර් දන්නේ නැහැ ගිහින් නුගේගොඩ බලන්න ලංකාව එක්සේසත් කල රජවරැන් කියලා මහින්ද රාජපක්‍ෂගේ රෑපේ තමයි අන්තිමට තියෙන්නේ..... කියලා





පසු ගිය දවසක පාසල් ශිෂයෙක් විසින් තවත් ශිෂයෙකුට පිහියෙන් ඇන ඝාතනය කරන ලදී. මෙය ඇසු ගොඩාක් දෙමව්පියන් (මගේ මිත්‍රයාත් ඇතුලුව) අනේ අපෝ යැයි දෙස් දෙවල් තියන්නට පටන් ගත්තෝය. ඇත්ත නම් වැඩිහිටි පරම්පරාව විසින් නටන ලද නාඩගම ළමුන් විසින් හොදින් ඇස් ඇරගෙන බලා සිටි ඇති බවයි. තමන් විසින් නොකලත් තමන් රැකුල් දුන් දේ ළමුන් විසින් අත්හදා බලන කාළයයි මේ. රාත්‍රි ආහාරය ගණිමින් මැරැනු ගණන සිතින් ගණනය කිරීමේ පාපය දැං තම දරැවන් අත්හදා බලමින් සිටිති. ඉතිහාසය වෙනස් කරන්නේ අප වැනි නොසන්ඩාල මිනිසුන් නොව සාමන්‍ය මිනිසුන් බව දැං ප්‍රත්‍යක්‍ෂය. මහින්ද රජාට ඇන්දුවේ අප නොවෙයි. දැං ළමුන් දෙමාපියන් අනුගමනය කරමින් සිටිති.

ආචාර්යය මර්වින් සිල්වා හා ජි. ඇල්. පිරිස් දැං එක සමානය. විරවංශ මැතිතුමාත් ජොනිත් එක සමානය. ජාතික සමගිය යැයි රැවටී බත් පතකට සමුල ඝාතනයට රැකුල් දුන් පිරිස් අනාගත පරපුරද වනසා ඇති බව තේරැම් යන විට සියල්ල සිදුවී හමාර විය හැක.
පීපී එන්නා වු නා මල වැනි බොරැ ෂොක් හිමිකරැවන් රැසක් විසින් අනිවාර්යෙන්ම සකල සිරින් පිරි සිරි ලංකාව ආසියාවේ අශ්චර්්‍යය බවට පත් කරනු නොව පෙරලනු නිසැකය.

එතෙක් ඔබට සංඝ සම්මේලනයට හරස් කපන රතන සාදුගේ පිහිටයි...!!!

Monday, May 31, 2010

කල්පිත හීන

කල්පිත හීන

නේක පැහැගෙන
අවර්ණ ජිවිතය තුල මගේ
පිංතාරැ කල සිහිනය
ඇගේ ප්‍රේමයයි....
හැඩනැති වචන ගෙනපෙළට අමුණා තනුවකට
මගේ ජිවිතය කවියක් කල
ඇගේ ප්‍රේමයයි.....

පව් පුරන හිත ලගම
උවැසියක් මෙන්මෙත් සිතින් පිං පිරෑඇගේ ප්‍රේමයයි.....
මට කිසිදා ඇය ගැන ලිවිමට ආයාසයක් අවැසි නොවිය. මම ඇස් පියාගෙනම හෝ ඈ ගැන පද පැබදුවෙමි. සාංසාරික පුරැද්දකින් මෙන් මට ඇයව ඉවෙන් මෙන් දැනෙමින් තිබිණි. මේ නිල් අහස යට ඇගේ ප්‍රේමය ඇර වෙන දෙයක් මම අදුනන්නේ නැත. ඩම් සද, හිරැ, තාරැකා මැද ඇගේ ප්‍රේමය ඇර මට අන් දෙයක් අවැසි නැත. අහිකුණ්ඨකයෙක් වගේ මංමාවත් දිගේ ඔහේ ඇවිද ගිය මට, ඇගේ හද තුල නවාතැන් දුන්නාය. දාහ අතේ විසිරිලා ඉරිතලා ගිය හදවත දෝතින්ම එක්කරලා සුව කලේ ඇයමයි. ලෝක වෙළද මධ්‍යස්ථානය මෙන් බිමට සමතලා වෙමින් සිටි මට අස්වැසිල්ලක්, ශක්තියක් වුයේ ඇයමයි. ඉතිං තප්පරයෙන් පංගුවකටත් අඩු කාලයකදි මම නැවත ජිවත් වෙන්න තිරණය කළේමි.

සංසාර පිං සුළග අරං
පිංවන්ති ඇවිත් මගේ හිත ගාව
ඇස් අරින්නත් බයයි දැං
ජිවිතේ.....
නුඹ මගේ හීනයයි...


ඉර මුදුන් වෙලා ඇති කොන්ක්‍රීට් වනාන්තරයක් මැද කන පැලෙන්න බීලා හතර ගාතේ දාල‍මෙං වැටිලා හිටියා. සිල් ගත්ත පිංවතුන් පව් පුරන්න බයටදෝ මංදා මාව යට කරන් ගිහින් නැහැ තාම. හැබැයි පාලියෙන් මොන මොනවදෝ කියනවා මට තේරැණේ අම්මට කියන වචනේ ඇහුණමයි. අහිංසකලා වගේ මිනිස්සු ඉන්න භුමියක මරණය සිගා යදිමින් මම නිල් අහස යට කලු තාර ගොඩක් උඩ හතර ගාතින්. අපිට ඕනෑ වෙලාවක ඉපදෙන්න බැරි වුණත් අපිට ඕනේ වෙලාවක මැරෙන්න අයිතිවාසිකමක් තියෙන්න ඔනේ....
ජිවිතේ හට ගත්තු හේතුව අපෙන්ඈත් වුණාම මරනය ඇරෙන්න මිනිසෙකුට අවැසි
අන් යමක් වෙත්ද...??? බැරැක්ක වලට වි අවි අමෝරා නැතිව ගිය සතුරා එන තෙක් මග බලා ඉන්න සොල්දාදු උන්නැහේලාටවත් මගේ අවනඩුව දැනෙන්නේ නැති හැටි. මගේ පියවී සිහිය තැන් වලට දිව ගොස් ගාල් වි ඇත. මට කොටුවේ පිට්ටු බම්බුවෙන් පහළට පැනිය යුතුව ඇත. ඔලුව කුඩු වී මොළය එළියට පැන මස් වැදලි බල්ලන් ඇදන් යන තරමටම මට කුඩු වන්නට ඔනෑ කමක් ඇත. අතපය දස අතේ විසිරී ඇස් ගෙඩි එළියට පැන විරෑපී තත්වයක මරණයක් මට අවැසිව ඇත. සමාදානෙන් සැතපෙන්න මගේ හිතේ ශන්තියක් නැත. එහෙයින් මට වියරැ වු මරණයක් අවශමය. එහෙත් මේ බමන ගතිය හේතුවෙන් මට දැං කෙළින් සිට ගත නොහැක. ඔබට පුලුවන්ද මාව එතැනට ගෙන යන්න......

සද නැති රැයක
තරැ එළිය දිගේ
මරණය ඇවිල්ලා
මගේ දොරකඩට
රැගෙන යන්න මා...

සිතිජ ඉම කෙළවරේ
ඉර බොක්කුවේ ගිලෙන වේලාවේ
තනි පංගලමේ
තනි හිත ලගට මගේමරණය ඇවිල්ලා

කප්පරක් හින ටික
ඇයට මුමුණන්නත් පෙර
අවසන් හාදු වී
දෙතොලතර පිපෙන්නට මත්තෙන්
අගුලු නොදැමු දොරකඩට මගේමරණය ඇවිත්රැගෙන යන්න මා....

දෝතින්ම බදා වැළදගෙන මා ඇයට පෙමි කළේමි. ඇහිපිල්ලමක්වත් නොගහා මම ඇයව මගේ නෙත් තුලම සතපවා ගත්තෙමි. දිගු හුස්මක් සමග ඇයව මම මගේ හිත් පතුලේ ගැඹුරැම තැනක රදවා ගතිමි. එහෙත් මගේ සුසුම් වැල් ඉවසන්නට ඇයට අවැසි නොවීය. මගේ පීඩාවට කන් දෙන්නට ඇයට උවමනාවක් නොවිය. මගේ තෙහෙටිටුවට සිසිලසක් වෙන්න ඇය සිතාවත් නැත. සමාජීය ඝට්ටනයත්, සංකෝචනයත්, ප්‍රතිරෝධතාත්, තෙහෙට්ටුවට හෙළන කදුලුත්, විඩාවට නැගෙන සෝ සුසුමුත්, සමනළ කන්ද සේ බර ඈ ත් තනි මගේ සිතින් දරාගෙන ඉවසිමෙන් මම උන්නෙමි. ගිණි කන්දක් සේ නාය නොගියද මහා වෘක්ෂයක් වටා එතුනු වැළක් හේතුවෙන් අකලට වියැකෙමින් යන්නා සේ මා ද වියැකෙමින් උන්නෙමි. එය නාය යෑමත් නොවේ.... දරා ගැනිමට නොහැකි බවත් නොවේ..... එපා විමත් නොවෙයි......

ඉතා සෙමෙන් කල් යල් බලමින් හිද ඇගේ කොපුල් තලය සීරැවට මම සිප ගත්තෙමි. සීතලට උණුහුමක් සොයන බිළිදියක් සේ ඈ තව තවත් මගේ උණුසුමි වෙමින් තිබු ආත්මය වටා බැදෙමින් තිබිණ. ඇය, ඇගේ සීමාව අතික්‍රමණයකර මගේ සීමාව දික් විජය කරමින් උන්නාය. සින්නක්කර ලියා දුන් හදවතකට ප්‍රණ භුක්තිය මොකටදැයි සිතු මම ඈට රිසි සේ මගේ හිතේ දගලන්නට ඉඩ දුන්නෙමි. ඇය තව තවත් ඒ හිත උඩ ඉඩ සොයමින් ගුලි ගැහුණාය. මගේ සකල විද පීඩා ඇයට නොපෙනෙන පරිදි මම මේ මොහොතේ ඈතකින් තබමි. මට ඇයව සැනසිමට අවශ්‍යව ඇත. ඇගේ කොපුල් තලයත් ගෙලත් සීරැවෙන් මාරැවට මම මගේ උණුහුම් වෙමින් පවතින දෙකපුලෙන් දෝවනය කලේමි. තඹර හංස පිපී උණු ප්‍රශ්වාසයක් හගිමින් සිටියි. ඇගේ සියෝලගම දැවී දැවී පවති. නාය යන අයිස් බරැවක් සේ මම ඈ මත පතිත වුයේමි. උණුහුම එකිනෙකා හරහා හුවමාරැ වෙමින් තිබිණි. මම ඇය මත අන්තිම අංශුව තෙක් දිය වුණේමි. මගේ පිරිමිකම ගැහැණු ශරිරයක් තුල මම මුදා හළේමි. දිව්‍යමය සතුටක් මගේ හිතේ මෝදු වෙමින් පැවතින. ජිවිතේ කිසිකලේක නොලත් සැනසිමකින්ද නිදහස් බවකින්ද මා වෙලෙමින් උන්නෙමි. මම තව තවත් ඇයව මා උණුහුමට තද කර ගතිමි. මහත් වැ ස්නෙහයක් මසිතේ දඑ දමමින් පවතියි. එහි සෑම බිංදුවකම හිමිකාරිය ඇයම පමණකි. ඇය විතරකි. ඉතිං මගේ හදින් ඇගේ හදට ඒ ස්නෙහය කාන්දු කරවීමට ඇයව මගේ පපුව මත මම තබා ගතිමි. ගැහැණියකට පිරිමි පපුවක් මත වැතිරෙනවා කියන්නේ අයිතිවාසිකමක්, පිරිමියෙකුට එය ස්නෙහයක්. පිරිමියෙක් තම ගැහැණු ශරිරය මත දියවෙනවා කියන්නේ සකල විද හේතුන් වලට මුහුණ දීමක්, පිරිමියෙකුට නමි එය ඔයිල් මාරැ කිරිමකි. ප්‍රේමය නැතිව ගැහැණු සියයක් සමග නිදි වැදුනද ඔබට සැනසිල්ල අත්වන්නේ නමි නැත. එහෙයින් ඔබ හෙටත් තවත් ගැහැණු ශරීරයක් සොයා රස්තියාදුවේ යයි. ඇගේ හදවතත්, ඇගේ ආත්මයත්, ඇගේ ජිවිතයත් යන තුන් කාරණා එකිනෙකා හා සම්බන්ධ කිරිමට ප්‍රේමයට හැර අන් දෙයකට නොහැක. එවිට මනුෂ්‍යය ආත්මයට සැනසිල්ල ලගා වෙයි. ගිහි ජිවිතයට නිවන සම්ප්‍රප්ත වෙයි. කාළකණ්නිකමට බලාපොරොත්තුව මුසු වෙයි. මට මගේ සැනසිමත්, නිවනත්, බලාපොරොත්තුවත්, හීනයත්, ජිවිතයත් එකවරම ලැබී ඇත.

හැන්දෑවේ
රත් පැහැති අහස යට
ප්‍රේමයේ විලිරැදාවෙන් ඇඹරෙමින්නැවුම් හුස්මක් හගිමින්
ගල්පරයන් හී හැපෙමින්
නිරිත දිග මෝසම මෙන්
කදුලු වගුරැවමින්
ඈ රිද්දවමින්
ඈ අවුස්සවමින්
ඈ පීඩාවට පත් කරමින්
නපුරැ විණනපුරැ හදවතමගේ........

ආදරේයි.... ආදරේයි කිව්වට මට ‍ඕන තැන්වලදි ඔයා මත් එක්ක හිටගෙන නැහැනේ..... ජිවක

කාළන්තරයක් තිස්සේ ඔයා මත පැටවිලා තියෙන දේමයි ඔයා කරමින් ඉන්නේ... අර ඉස්සර දවස් වල ඔයාට මතකද ඔයා මට ආදරෙයි කියලා කිව්වේ මගේ අත්ලේ ලියලා..... පස්සේ ට්ක ටික පරණවෙන්න ගත්තා......

ඇය හුස්මක් කටක් නැතිව, මගේ දිහාවත් නොබලා එක පෙළට කතා කරයි.

මට ඕන කලේ හැම උදයක්ම අලුත් උදෑසනක් වෙන්න........ හැම සිප ගැනීමක් ආයේ ආයේ අලුත් වෙන්න... එත් අනිත් හැම කෙනාම වගේ ටික කාලකින් ඔයා පරණ වෙනවා ජිවක......

ලෝකොත්තර දෙයක් වෙනුවෙන් බලා හිදීමක් නැතිනමි විදවීමක් කියන්නේ නිර්මාණශීලි දෙයක්. එත් මනුෂ්‍යය සමිබන්ධතාවක් ඇතුලේ බලා හිදිමක් හරි විදවීමක් හරි කියන්නේ කාළකණ්නි දෙයක්. වරදකාරි හැගීමක්. තමන් තුල මරාගෙන මැරෙන අරගලයක්. මම ඒ මොහොතට මුහුණ දෙමින් සිටිමි.

ශෘංගාර මොහොතකට පසු අපේ ආදරේ ඇතුලත ඉඩක් නිර්මාණය වී තිබිණ. ඉඩ විසින් පරතරය නිර්මාණය කර තිබිණ. පරතරය විසින් අසීමාන්තික දුකක් අප හදවත් වලට බෝ කර තිබිණ. ඉතිං ඒ අසිමාන්තික දුකකිනුත්, මහාප්‍රණික කඩා වැටීමකිනුත් අවසන ඇගේ වදන් එවැනි විය.
මගේ ප්‍රේමය කරැමයක්ව
පාරවයි ඒ හිත
ගිණි තියයි ඇගේ නිසල ජිවිතයට
පාරිශුද්ධ ප්‍රේමයට
මෛත්‍රි සිතින් පෙම් බැන්ද මසිත
දින සියයෙන් හදපු
ප්‍රළමක් යට නාය යන
කාළකණ්නි රාත්‍රියකි මේ
පුංචි රෝස කුසුමියක්කදුලු වාන් දමමින්
හිත දස අතේ ගසමින්
තුවාල කර ගන්නා
මුසලම රාත්‍රියකි මේ.....

ඇය මගේ ජිවිතයම විය. ඇය මගේ හුස්ම පොදම විය. එහෙත් පටන් ගත් තැනම මට වැරදී ඇත. කන්ටෙනරයකට පස්ස ගාත් යට වු බල්ලෙකු සේ මම වෙදනාවෙන් මිරිකෙමින් හිදිමි. මදුරැ කොයිල් දුමට අන්දමන්දව දිව යන මදුරැවෙකු සේ මම තැති ගනිමින් හිදිමි. උවැසියක් ඉදිරිපිට අදනකඩය ලිහි ගිය සාමණේර නමක් සේ මම ලජ්ජාවට පත් වෙමින් උන්නෙමි.

හැමදාම එකම හඩින් වේදනාවෙන් කෑ ගසන මුහුදු වෙරළ අභියස මගේ සිහිය මම විකල් කර ගත්තෙමි. පියවි සිහිය දැං මට රැගෙන එන්නේම මාරාන්තික හීන පමණෙකි. මගේ අතින් ඇගේ හිත කුඩු වී ඇත. ඇගේ දෙනෙතට කදුලු උරැම කර ඇත. ඇගේ ජිවිතය උඩු යටිකුරැ කර ඇත. තව දුරටත් පියවි සිහියෙන් මට සිටිය නොහැක.
අසීහියෙන් මම වෙරළ කොනක පුංචි වලක් හාරා මගේ තඩි කවි හිත වළ දැමුවෙමි. මුහුදු වතුර වල තුලට කාණ්දු වීම හේතුවෙන් හෙට එළි වන විට එය කුණු වී ගද ගසනු ඇත. නැතහොත් කුපාඩි බල්ලෙක් එය හාරා එළියට ඇද දමනු ඇත. කුමක් වුවත් ඇං මට කම් නැත. කාළකණ්නිකමද කරපින්නාගෙන මම වාරැවෙන් ගාලු පාර දෙසට පිය ඔසවමි. ඔබේ ඇගේ හැපුනොත් මට සමාවෙන්න....
මතට තිත වෙනුවට අත්වැරද්දකින් මම තබා ඇත්තේ කොමාවකි........


ජිවිතේ ඇතැර මරණය සොයා මම යමි.
හැමදාමත් තරැ
මං ආදරේයි........





Thursday, May 20, 2010

අඩ නින්දෙන් දුටු සිහිනය


අඩ නින්දෙන් දුටු සිහිනය
සකල සරින් පිරි සිරි ලංකාවේ දෙවන නිදහස් සැමරැම සමරන්න සියල්ල සුදානම්ව තිබියදි කොහේදෝ යන කඩා කප්පල්කාරි වැහි කුණාටුවක් පැමිණ සියල්ල සුණු විසුණු කරන්නට විය. රජය සිතා සිටියේ මෙය විපක්ෂයේ කඩාකප්පල්කාරි වැඩක් කියාය. විපක්ෂයේ උන් දේශප්‍රේමීන් සිතුවේ බටහිර කුමන්ත්‍රණයක් කියාය.විමලසිරි සිතුවේ මෙක NGO කාරයන්ගේ ගේමක් කියාය. චමිපක සිතුවේ තමන් පරිසර ඇමතිව සිටි කාළයේ වැඩක් නොකලැයි කීමට දැං සිටින පරිසර ඇමතිතුමා ඇද්ද අංචියක් ලෙසය. එකිනෙකා එකිනෙකාට මෙසේ ඇගිලි දිගු කරගන්නා අතර සිදු වී තිබුණේ ගස් ගල් පවා දැං අදහන තත්වයකට වැටි ඇති අහිංසක නිරහංකාර සිංහළ බෞද්ධයා දොහොත් මුදුණින් පිළිගන්නා වු කාරණාවකි.
මේ මුරැගසන් වරැසාව දෝරේ ගලන්න වහිද්දි හිසේ සිට පොරවාගෙන නිදා හුන් මා දුටු සිහිනයයි.

ප්‍රභාකරන් විමලසිරිට අනුව පිරිබාහරන් මිය ගොස් වසරක වේ. සකල ලංකාවාසීන් සිතා සිටියේ ලග ලගම සුබ අනාගතය එතැයි සිතාය. මෙහෙන් චුත වී ප්‍රභාකරන් කෙළින්ම දෙවි ලෝවට විසා ගසාගෙන තිබිණි. පුර‍ විද්‍යා චක්‍රවර්තීන් මොනව කීවත් බෙන්ස් රථයේ සුදුව එහෙටත් බෝ වී තිබිණ. ඔක්කෝම වැඩ අත යටිනි. අනෙක එදා ඉදන්ම ලාංකිකයාගේ මතකය ඇත්තේ දින හතකි. සම්මා සමාධිය ලාංකිකයාගේ වැඩි කරවු පිං බලයෙන් හෙතෙම දිව්‍ය ලෝකයේ හට ගත්තේය.
කල් යල් බලමින් උන් ප්‍රභා ජෙනරාල් හි‍රේ වැටීමට කදුඵ එන තුරැ සිනා සෙමින් සිටි අතර තුර මෙන් මෙහේ දෙවැනි නිදහසයැයි අටමගලක් පටන් ගෙන තිබිණ. බඩුත් එක්කම දෙන්නමි වැඩක් යැයි සිතු ප්‍රභා වැස්ස වළාහක දෙවියන්ට කොල් එකක් ගෙන හොදවැයින් විස්කි බෝතලයක් තමන් ලග ඇතැයි මෙහි පැමිණ අඩියක් ගසමු යැයි යෝජනාවක් දැමීය. බිමත් කමට ඇබ්බැහී වි උන් වැස්ස වළාහක දෙවිදුන් පටස් ගා ප්‍රභා සොයා පැමිණියේය. එක දෙක විය. දෙක තුන විය. දෙන්නටම හොද පදමට මද පවනේ වැදි සිටියෝය. ප්‍රභා තමන්ගේ යෝජනාව ඉදිරිපත් දඩස් ගා වැසි දෙවිදුන් ඉදිරියේ අතහැරියේය.


මචං... මගේ හිතේ අමාරැවක් තියේනවා මේ දවස් වල...

ඒ මොකද්දැයි ඇසු වැසි දෙවිදුන් තව අඩියකින් සප්පායම් විය.

මම හිටපු රටේ උන් මචං මං මැරැණම කිරිබත් උයාගෙන පාරක් පාරක් ගානේ කැවා මදිවට මචං දැං උන් මාව කොචොක් කරන්න උත්සවත් තියේනවා. අපේ කටිටියටම මේක හරිම හිතට අමාරැයි. එක සදාචාර සමිපන්නත් නැහැනේ මචං.......
අනික අපේ මැරිච්ච උන් වළලපු සොහොන් කොත් ටිකත් මුං සමතලා කරලා මචං.... මම හිටියනම් අපේ ප්ලැටුන් එකේ එකෙක් යවලා මරාගෙන මැරෙන ගේමක් දෙනවා එහෙනම්...


මොකක්ද දැං මගෙන් වෙන්න ඔනේ... ඔන දෙයක් තියෙනවා නමි කියපං මං කරලා දෙන්නමි.

දඩමස් කෑල්ලක් රස විදින ගමන් වැසී දෙවිදු පිළිතුරැ දුන්නේය.


මචං ධාරණිපාත වැස්සක් වස්සලා වැඩේ චකබල්ස් කරලා දාමුද මචං.

හයියෝ සුඵ දෙයක්නේ හැහි තෙපුල හේ එතැන් පටන් මහා ධාරණිපාත වැහි වළාකුලක් ලංකාවට ඉහළින් තැබිය.

දින දෙක තුනක් ගත වු පසු තමන්ගේ වැඩේ සාර්ථකත්වය පිළීබද දැන ගැනිමට සිත් වු වැසී දෙවිදුන් ප්‍රභාට කෝල් එකක් දුන්නේය.


හලෝ මිත්‍රයා.... කොහොමද මගේ වැඩේ.. නැගලා යනවා නේදැයි විචාලේය.

කණස්සල්ලෙන් මෙන් පිළීතුරැ දුන් ප්‍රභා පැවසුවේ අපේ අනාත වුනාට වඩා වැඩි පිරිසක් අනාත වී ඇති බවය.

මචං එක අපේ වැරද්දක් නොමෙයිනේ.... මුංගේ කෙහොමත් යටිතල පහසුකමි අප්සටි අපි ටාර්ගට් එක හරි වැඩි හරිය උන්ගේ වැරද්ද යැයි පවසා ප්‍රභාව සැනසීය.


හීනෙන් මා සිනා සෙනු ඇසුණු බිරිද මා නැගිටුවාය.

අපරාදෙනේ යෝදියේ පටිට හීනයක් මං දැක්කේ යැයි කියා හීනය සවිස්තරාත්මක විස්තරයක් ඇයට කිවෙමි. දේශාද්‍රහියෙක් වී විසි වසරක සිරදඩුවමක් මා විදිනවාට අකමැති යැයි කියමින් ඇය හඩා වැලපෙන්නට වුවාය.

අමාරැවෙන්
එකා පිට එකා
පොළවට වැටෙද්දී
සතුට සමරන්න
කිරිබතු කෑ
සුපිංවතුනේ...
එවන්නද
තවමත් ගාල් වෙලා ඉන්න
ටකරන් මඩු ගලවලා දකුණට
ඉදහිට එන
වියළි සලාකයත්
ඔරැවල දමා එවන්නද ඔය පැත්තේ
ෂෙල් වරැසාවකින්
බෙරිලා මෙපිටට පැන්න
අපිට තවමත්
හිතක් පපුවක් ඇත
තදින් ගැහෙන
තදින් දැනෙන

Tuesday, December 8, 2009

කාලෙකින් ආයෙමත් ඡන්දයක් ඇවිල්ලා





යන්තං ගැට ගසා ගත්තු ජිවිත
ඡන්දයක් හින්දා බෙරැනා
නමයි ගමයි උගසට තියං
කඹෙ දිගට අපි ඇදුණා

විරිත්තාගෙන මුහුණු
උණ්ඩයෙන් හිල් වෙචිච තාප්පයේ එල්ලුනා
යුද්ධයක් හින්දා රවපු නෙත්
ඡන්දයක් නිසා හිනහුනා
කාලෙකින් ආයෙමත් ඡන්දයක් ඇවිල්ලා
නොඉල්ලන දේවලුත් දෙන ඡන්දයක් ඇවිල්ලා

ලග එන සංග්‍රමය



නන්දිකඩාල් වල
වළලපු සිරැරැ
එක දෙක හෙමෙන්
ආයේමත් ගොඩ අරං
දික් කර ගනිත් ගිණි අවි
තලුමරන්නට දෙපසකට වී
ඉතිරිව ඇත්තේද

වැළලුණු දෙමලුන්මය....


Tuesday, November 3, 2009

ඉල් මහේ විකිණෙන විප්ලවීය සගයන්.....

71 දී ජනතා විමුක්ති පෙරමුණ අත්හැර විශාල පිරිසක් නික්ම ගියහ. ඉන් සමහරක් බණ භාවනා කල අතර සමහරක් විකල්ප ධාරාවක් සොයා ඇදින. නමුදු මෙ කිසිවෙකු එලෙස ජවිපෙන් ඉවත් වුනේ අද ජවිපෙට වෙන දේ දැන ගෙන නමි නොවෙ. ( එසේ පොඩි හෝ දැණුවත් විමකින් ඉවත් වුයේ බෝපගේ සහෝදරයා පමණි.)
අලු දුළී ගසා වීරවංස මොඩලයේ පාරිභෝගික ජවිපෙ මතු වන්නේම පවතිව system එක absorb කර ගනිමින්. ලැජ්ජ නැති කම මහා මුදලිකමටත් වඩා ලොකු නිසා දෙවන වරත් තම පක්ෂයේ පතිවත කෙලසුනා කියමින් ඔවුන් රට වටා අඩමින් ගමන් ගන්නේය.

87/88 කාලයන්හීදි තම විප්ලවීය සගයන් හට මරණය ගෙන ආ අඑගොසුවන් ලෙස හැදුන්වු යුද්ධ හමුදාව සමග අත්වැල් බැද ගෙන තමන් වැනීම නිර්ධන පංතීන්ගෙන් සැදුමි ලත් දෙමල විමුක්ති කොටි සංවිධානය කුඩුපටිටමි කර දැං ඔවුන්ගේ නායකයාගේ ඝාතකයන් සමග සවිදිය පුරයි.
මෙ ලැජ්ජ නැති වැඩෙ මුලින්ම කලේ කුමාරතුංග මහත්මියයි. දැං පිඩිතයන්ගෙන් සැදුමි ලත් පක්ෂයද එයම කරයි. ජවිපෙ ගැන ඇත්තේ අන්ත කළකිරැණු ස්වාභාවයකි. මධ්‍යම පාන්තිකයාට අනුගත වීම නිසා ඔවුනට ඉතිරිව ඇත්තේ රැවුල සහ තොප්පිය පමණකි. මෙ මජර ක්‍රමය පාරිභෝගික ක්‍රමයක් දක්වා වර්ධනය වීමට ඔවුන් සෘජුවම වග කිව යුතුව ඇත.
රෝහණ සහෝදරයගේ ලෙයින් දහඩියෙන් තැනු පක්ෂය මෙ මෝඩ රැළ නගර සභාවක් කර ඇත. අඩුම ගානේ තම නායකයාගේ මරණය හෝ තමන්ගේ වාසියට භාවිතා නොකර ඉන්නට ඔවුනට හොදටම ඉඩ තිබිණි.

සිරි බර දිව යින...






















මෙ මොහෙතේ අපි අත්විදිමින් ඉන්නේ සිරි ලංකාවෙ නියමම කාලයයි. අඩියක් එහෙම ගහලා හිතලා බැලුවොත් මෙ තමයි සිංහලයාගේ නියම ගති ස්වාභාවය. ඉංග්‍රිසින්ගේ බලයට කෑදර කම නිසා සිංහලයේ අන්තිම රජු එකට උන් දෙමලාව පාවා දුනි. දැං දෙමල විමුක්ති කොටි සංවිධානයත් සමග අපි අවසාන දෙමලාද විනාස කර අහවරය. අපට හතුරෙක් නැත. ඔබෙ හතුරා ඔබෙ අනෙකා විම දැං අනිවාර්යතාවයකි. දැං කුලල්කා ගැනිම ආරමිභව ඇත. තමන්ගේ පරම හතුරා වන දෙමලා පක්ෂ පාට පැත්තකින් තියා දැං වනසා අවසානය. දැං එල්ලෙන්න වැල් නැත. බලයෙන් අමාන්නානන්දයට පත්ව දැං එකිනෙකාට විරැද්ධව කල්ලී බෙදි සීතල යුද්ධය පටන් ගෙන ඇත. දැං පරම ජාතිය අහෝ වෙමින් යන කාලයයි. දානේ ඩිංග ආයේමත් පරක්කු වෙනකොට කහ චීවරධාරීන් පැවැත්ම උදේසා තවත් මොකක් හෝ උස්සාගෙන එනු ඇත. කොහොමත් ඝාතකයන්ට පිරිත් නුල් බැදි මොවුන් රට ආපස්සට හරවනු මිස ඉන් එහාට දෙයක් නමි කරන්නේම නැත.

ලාංකේය ඉතිහාසය දිවි පරදුවට තබමින් බෙරා ගන් පොන්සේකා දැං ගැලවුමිකරැ වී ඇත. ඉතිහාස කතා වල එන වීරයා අප ඉදිරියේ ප්‍රතිර්භුත වි ඇත. මෙ ඉතිහාසයේ නරකම කාළයයි.
ඔය ලොකු කතා පැත්තකින් තියලා එන්න අපි දිනන පැත්තට විසිල් ගහමු. (අපෝ මෙයාගේ ලැජ්ජාව සමුල ඝාතන කරද්දි උඩ පැන පැන සතුටු වුණු එකා දැං රහත් වෙලානේ බොල)

ඔබට තුණූ + රැවන්ගේ සරණයි

පිදුම


මම මෙ වට රවුමෙ තනිවම හිදිමි
වෘත්තීයවෙදින් බුද්ධිමතුන්
කවීන් ලේකකයන් සහ
ප්‍රගතශීලී යැයි කියා ගන්නා
පිරිවර සමග සියලු මිනිසුන්
මා හැර ගොසිනි

බෝහො අය
මාධ්‍ය සුනාමියෙන් ගසා ගෙන ගියහ
සමහරෙකු සිය කැමැත්තෙනි
කිහිපදෙනෙකු පලා ගොසිනි
අතුරැදහන් වුහ වෙඩි වැදී මියදුනහ.

යුධෝන්මාදයෙන්
බැබළෙන සැණකෙළි සිරියට
රොද බැදෙත් සැවොම යාබද වට රවුමට
මෙ විජයග්‍රහණයේ වෙලාවයි
රතිඤ්ඤා මල් වෙඩි මැදින්
ඹල්වරසන් සරින්
වා ගැබ දෙරෙවයි
මරණයේ ඉලක්කමි වලින්
සිංහල සිරැරැ උණුසුමි වෙ

මෙ වටරවුමෙහි
මෙ පුවරැව ඇතැතිව
මා නිහඩව සිටින විට
ඔවුහු පිළීකුලෙන් මා දෙස බැඑහ.
උන්මත්තකයා යැයි කිහ
මගේ හඩ අවදිවන සැණින්
ඔවුහු මට සැගවී පහර දුන්හ
දේශදෝහියා යැයි කිහ
මා ක්‍රියාත්මකවෙද
ඔවුහු මා අත්අඩංගුවට ගත්හ
ත්‍රස්තවාදියා යැයි කීහ

සුභ හෙටක් වෙනුවෙන් මගේ රටට
මරාගෙන මැරෙමිය මම
මෙ සත්‍යය
යුද්ධය මානුෂිකයැයි කියන
සාමය අරං එනවැයි කියන
නෑසියන්ගේ මරණය නොදැනෙන
කෙළඹ මඩකළපු හින්දුනී
නුඹෙ උණ්ඩය
වැඩියෙන් පහසුවෙවීය මට
කිතුනුවෙනි ඉස්ලාමි භක්තිකයෙනි
පවි සමාකරගෙන ආවොත්
ඉලක්කය නොවරදීවී නුඹට
බුදුන් වදිනා බොදුණුවනි
ජාතිය වෙනුවෙන් තියන වෙඩිල්ලට
නුඹ දනි පවි නැති වග

ප්‍රාණය නිරැද්ධ දරදඩු ඇගිලි අතරින්
ගලවා ගත් සටන් පුවරැව විසිකර
කවරෙකු හෝ හෙට
මා වළ දමනු ඇත.
නුඹලාගේ බොදව යන
ප්‍රිතී ඝෝෂා දකින්නට
මෙ වටරවුමෙහි
මා නොසිටිනු ඇත.
අන්තිම දෙමළාගෙත් මරණය පතාගෙන
අන්තිම සිංහලයා තෙක් ම මියැදෙන
වෛරයේ දරැවන්ගේ හෙට
මා නොදකිනු ඇත.

එහෙත්
ජාති කුළ ආගමි නොතකා
මිනිස් ජිවිතයට ආදරේ කරන
තවෙකෙක්
කොහේ හෝ සිට පැමිණ
මගෙන් ගිලිහුණු මෙ පුවරැව
මෙ වටරවුමෙහිම හිද
ඔසවනු ඇත.

එහි මෙසේ ලියා තිබෙ

යුද්ධය නවතවි!
වර්ග සංහාරය නවතවි!

නොමළ මිනිසුන් අතරින්
එකා දෙන්නා ඔහු කරා ඇදෙනු
මා දකිනු ඇත.

මහේෂ් මුණසිංහ