Showing posts with label a song. Show all posts
Showing posts with label a song. Show all posts

Monday, August 31, 2009

යදමින් බැද විලංගු ලා


යදමින් බැද විලංගු ලා
මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇණ ඇගිලි තලා
දෙතිස් වදය පමුණවන්න
අඑත් ලෝවක් ගැන සිතීම
දඩුවමි දෙන වරදනමි
කුමට එරට අධිකරණය
නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර
නරැම යහඑ යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ
පාසල් වල අමනයන්
රට ගිණි ගෙන ඇති බව දුටු
මගේ එකම පුතණුවන්
එ ගිණි නිවන මග සෙවීම
වරදක්දැයි මට කියන්

ගිණි ගන්නා රටක කෙළින
මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහා විරැවෙකි
සිරගෙයි මළ මගේ පුතුන්
කෝටී ගණන් බිහිවෙවා
මගේ පුතු වැනි තව පුතුන්
කිරි මවි ලෙස මම ඉන්නමි
එවන් පුතුන් ලග උතුමි


Wednesday, May 27, 2009

Wednesday, May 6, 2009