Showing posts with label a short story. Show all posts
Showing posts with label a short story. Show all posts

Monday, May 31, 2010

කල්පිත හීන

කල්පිත හීන

නේක පැහැගෙන
අවර්ණ ජිවිතය තුල මගේ
පිංතාරැ කල සිහිනය
ඇගේ ප්‍රේමයයි....
හැඩනැති වචන ගෙනපෙළට අමුණා තනුවකට
මගේ ජිවිතය කවියක් කල
ඇගේ ප්‍රේමයයි.....

පව් පුරන හිත ලගම
උවැසියක් මෙන්මෙත් සිතින් පිං පිරෑඇගේ ප්‍රේමයයි.....
මට කිසිදා ඇය ගැන ලිවිමට ආයාසයක් අවැසි නොවිය. මම ඇස් පියාගෙනම හෝ ඈ ගැන පද පැබදුවෙමි. සාංසාරික පුරැද්දකින් මෙන් මට ඇයව ඉවෙන් මෙන් දැනෙමින් තිබිණි. මේ නිල් අහස යට ඇගේ ප්‍රේමය ඇර වෙන දෙයක් මම අදුනන්නේ නැත. ඩම් සද, හිරැ, තාරැකා මැද ඇගේ ප්‍රේමය ඇර මට අන් දෙයක් අවැසි නැත. අහිකුණ්ඨකයෙක් වගේ මංමාවත් දිගේ ඔහේ ඇවිද ගිය මට, ඇගේ හද තුල නවාතැන් දුන්නාය. දාහ අතේ විසිරිලා ඉරිතලා ගිය හදවත දෝතින්ම එක්කරලා සුව කලේ ඇයමයි. ලෝක වෙළද මධ්‍යස්ථානය මෙන් බිමට සමතලා වෙමින් සිටි මට අස්වැසිල්ලක්, ශක්තියක් වුයේ ඇයමයි. ඉතිං තප්පරයෙන් පංගුවකටත් අඩු කාලයකදි මම නැවත ජිවත් වෙන්න තිරණය කළේමි.

සංසාර පිං සුළග අරං
පිංවන්ති ඇවිත් මගේ හිත ගාව
ඇස් අරින්නත් බයයි දැං
ජිවිතේ.....
නුඹ මගේ හීනයයි...


ඉර මුදුන් වෙලා ඇති කොන්ක්‍රීට් වනාන්තරයක් මැද කන පැලෙන්න බීලා හතර ගාතේ දාල‍මෙං වැටිලා හිටියා. සිල් ගත්ත පිංවතුන් පව් පුරන්න බයටදෝ මංදා මාව යට කරන් ගිහින් නැහැ තාම. හැබැයි පාලියෙන් මොන මොනවදෝ කියනවා මට තේරැණේ අම්මට කියන වචනේ ඇහුණමයි. අහිංසකලා වගේ මිනිස්සු ඉන්න භුමියක මරණය සිගා යදිමින් මම නිල් අහස යට කලු තාර ගොඩක් උඩ හතර ගාතින්. අපිට ඕනෑ වෙලාවක ඉපදෙන්න බැරි වුණත් අපිට ඕනේ වෙලාවක මැරෙන්න අයිතිවාසිකමක් තියෙන්න ඔනේ....
ජිවිතේ හට ගත්තු හේතුව අපෙන්ඈත් වුණාම මරනය ඇරෙන්න මිනිසෙකුට අවැසි
අන් යමක් වෙත්ද...??? බැරැක්ක වලට වි අවි අමෝරා නැතිව ගිය සතුරා එන තෙක් මග බලා ඉන්න සොල්දාදු උන්නැහේලාටවත් මගේ අවනඩුව දැනෙන්නේ නැති හැටි. මගේ පියවී සිහිය තැන් වලට දිව ගොස් ගාල් වි ඇත. මට කොටුවේ පිට්ටු බම්බුවෙන් පහළට පැනිය යුතුව ඇත. ඔලුව කුඩු වී මොළය එළියට පැන මස් වැදලි බල්ලන් ඇදන් යන තරමටම මට කුඩු වන්නට ඔනෑ කමක් ඇත. අතපය දස අතේ විසිරී ඇස් ගෙඩි එළියට පැන විරෑපී තත්වයක මරණයක් මට අවැසිව ඇත. සමාදානෙන් සැතපෙන්න මගේ හිතේ ශන්තියක් නැත. එහෙයින් මට වියරැ වු මරණයක් අවශමය. එහෙත් මේ බමන ගතිය හේතුවෙන් මට දැං කෙළින් සිට ගත නොහැක. ඔබට පුලුවන්ද මාව එතැනට ගෙන යන්න......

සද නැති රැයක
තරැ එළිය දිගේ
මරණය ඇවිල්ලා
මගේ දොරකඩට
රැගෙන යන්න මා...

සිතිජ ඉම කෙළවරේ
ඉර බොක්කුවේ ගිලෙන වේලාවේ
තනි පංගලමේ
තනි හිත ලගට මගේමරණය ඇවිල්ලා

කප්පරක් හින ටික
ඇයට මුමුණන්නත් පෙර
අවසන් හාදු වී
දෙතොලතර පිපෙන්නට මත්තෙන්
අගුලු නොදැමු දොරකඩට මගේමරණය ඇවිත්රැගෙන යන්න මා....

දෝතින්ම බදා වැළදගෙන මා ඇයට පෙමි කළේමි. ඇහිපිල්ලමක්වත් නොගහා මම ඇයව මගේ නෙත් තුලම සතපවා ගත්තෙමි. දිගු හුස්මක් සමග ඇයව මම මගේ හිත් පතුලේ ගැඹුරැම තැනක රදවා ගතිමි. එහෙත් මගේ සුසුම් වැල් ඉවසන්නට ඇයට අවැසි නොවීය. මගේ පීඩාවට කන් දෙන්නට ඇයට උවමනාවක් නොවිය. මගේ තෙහෙටිටුවට සිසිලසක් වෙන්න ඇය සිතාවත් නැත. සමාජීය ඝට්ටනයත්, සංකෝචනයත්, ප්‍රතිරෝධතාත්, තෙහෙට්ටුවට හෙළන කදුලුත්, විඩාවට නැගෙන සෝ සුසුමුත්, සමනළ කන්ද සේ බර ඈ ත් තනි මගේ සිතින් දරාගෙන ඉවසිමෙන් මම උන්නෙමි. ගිණි කන්දක් සේ නාය නොගියද මහා වෘක්ෂයක් වටා එතුනු වැළක් හේතුවෙන් අකලට වියැකෙමින් යන්නා සේ මා ද වියැකෙමින් උන්නෙමි. එය නාය යෑමත් නොවේ.... දරා ගැනිමට නොහැකි බවත් නොවේ..... එපා විමත් නොවෙයි......

ඉතා සෙමෙන් කල් යල් බලමින් හිද ඇගේ කොපුල් තලය සීරැවට මම සිප ගත්තෙමි. සීතලට උණුහුමක් සොයන බිළිදියක් සේ ඈ තව තවත් මගේ උණුසුමි වෙමින් තිබු ආත්මය වටා බැදෙමින් තිබිණ. ඇය, ඇගේ සීමාව අතික්‍රමණයකර මගේ සීමාව දික් විජය කරමින් උන්නාය. සින්නක්කර ලියා දුන් හදවතකට ප්‍රණ භුක්තිය මොකටදැයි සිතු මම ඈට රිසි සේ මගේ හිතේ දගලන්නට ඉඩ දුන්නෙමි. ඇය තව තවත් ඒ හිත උඩ ඉඩ සොයමින් ගුලි ගැහුණාය. මගේ සකල විද පීඩා ඇයට නොපෙනෙන පරිදි මම මේ මොහොතේ ඈතකින් තබමි. මට ඇයව සැනසිමට අවශ්‍යව ඇත. ඇගේ කොපුල් තලයත් ගෙලත් සීරැවෙන් මාරැවට මම මගේ උණුහුම් වෙමින් පවතින දෙකපුලෙන් දෝවනය කලේමි. තඹර හංස පිපී උණු ප්‍රශ්වාසයක් හගිමින් සිටියි. ඇගේ සියෝලගම දැවී දැවී පවති. නාය යන අයිස් බරැවක් සේ මම ඈ මත පතිත වුයේමි. උණුහුම එකිනෙකා හරහා හුවමාරැ වෙමින් තිබිණි. මම ඇය මත අන්තිම අංශුව තෙක් දිය වුණේමි. මගේ පිරිමිකම ගැහැණු ශරිරයක් තුල මම මුදා හළේමි. දිව්‍යමය සතුටක් මගේ හිතේ මෝදු වෙමින් පැවතින. ජිවිතේ කිසිකලේක නොලත් සැනසිමකින්ද නිදහස් බවකින්ද මා වෙලෙමින් උන්නෙමි. මම තව තවත් ඇයව මා උණුහුමට තද කර ගතිමි. මහත් වැ ස්නෙහයක් මසිතේ දඑ දමමින් පවතියි. එහි සෑම බිංදුවකම හිමිකාරිය ඇයම පමණකි. ඇය විතරකි. ඉතිං මගේ හදින් ඇගේ හදට ඒ ස්නෙහය කාන්දු කරවීමට ඇයව මගේ පපුව මත මම තබා ගතිමි. ගැහැණියකට පිරිමි පපුවක් මත වැතිරෙනවා කියන්නේ අයිතිවාසිකමක්, පිරිමියෙකුට එය ස්නෙහයක්. පිරිමියෙක් තම ගැහැණු ශරිරය මත දියවෙනවා කියන්නේ සකල විද හේතුන් වලට මුහුණ දීමක්, පිරිමියෙකුට නමි එය ඔයිල් මාරැ කිරිමකි. ප්‍රේමය නැතිව ගැහැණු සියයක් සමග නිදි වැදුනද ඔබට සැනසිල්ල අත්වන්නේ නමි නැත. එහෙයින් ඔබ හෙටත් තවත් ගැහැණු ශරීරයක් සොයා රස්තියාදුවේ යයි. ඇගේ හදවතත්, ඇගේ ආත්මයත්, ඇගේ ජිවිතයත් යන තුන් කාරණා එකිනෙකා හා සම්බන්ධ කිරිමට ප්‍රේමයට හැර අන් දෙයකට නොහැක. එවිට මනුෂ්‍යය ආත්මයට සැනසිල්ල ලගා වෙයි. ගිහි ජිවිතයට නිවන සම්ප්‍රප්ත වෙයි. කාළකණ්නිකමට බලාපොරොත්තුව මුසු වෙයි. මට මගේ සැනසිමත්, නිවනත්, බලාපොරොත්තුවත්, හීනයත්, ජිවිතයත් එකවරම ලැබී ඇත.

හැන්දෑවේ
රත් පැහැති අහස යට
ප්‍රේමයේ විලිරැදාවෙන් ඇඹරෙමින්නැවුම් හුස්මක් හගිමින්
ගල්පරයන් හී හැපෙමින්
නිරිත දිග මෝසම මෙන්
කදුලු වගුරැවමින්
ඈ රිද්දවමින්
ඈ අවුස්සවමින්
ඈ පීඩාවට පත් කරමින්
නපුරැ විණනපුරැ හදවතමගේ........

ආදරේයි.... ආදරේයි කිව්වට මට ‍ඕන තැන්වලදි ඔයා මත් එක්ක හිටගෙන නැහැනේ..... ජිවක

කාළන්තරයක් තිස්සේ ඔයා මත පැටවිලා තියෙන දේමයි ඔයා කරමින් ඉන්නේ... අර ඉස්සර දවස් වල ඔයාට මතකද ඔයා මට ආදරෙයි කියලා කිව්වේ මගේ අත්ලේ ලියලා..... පස්සේ ට්ක ටික පරණවෙන්න ගත්තා......

ඇය හුස්මක් කටක් නැතිව, මගේ දිහාවත් නොබලා එක පෙළට කතා කරයි.

මට ඕන කලේ හැම උදයක්ම අලුත් උදෑසනක් වෙන්න........ හැම සිප ගැනීමක් ආයේ ආයේ අලුත් වෙන්න... එත් අනිත් හැම කෙනාම වගේ ටික කාලකින් ඔයා පරණ වෙනවා ජිවක......

ලෝකොත්තර දෙයක් වෙනුවෙන් බලා හිදීමක් නැතිනමි විදවීමක් කියන්නේ නිර්මාණශීලි දෙයක්. එත් මනුෂ්‍යය සමිබන්ධතාවක් ඇතුලේ බලා හිදිමක් හරි විදවීමක් හරි කියන්නේ කාළකණ්නි දෙයක්. වරදකාරි හැගීමක්. තමන් තුල මරාගෙන මැරෙන අරගලයක්. මම ඒ මොහොතට මුහුණ දෙමින් සිටිමි.

ශෘංගාර මොහොතකට පසු අපේ ආදරේ ඇතුලත ඉඩක් නිර්මාණය වී තිබිණ. ඉඩ විසින් පරතරය නිර්මාණය කර තිබිණ. පරතරය විසින් අසීමාන්තික දුකක් අප හදවත් වලට බෝ කර තිබිණ. ඉතිං ඒ අසිමාන්තික දුකකිනුත්, මහාප්‍රණික කඩා වැටීමකිනුත් අවසන ඇගේ වදන් එවැනි විය.
මගේ ප්‍රේමය කරැමයක්ව
පාරවයි ඒ හිත
ගිණි තියයි ඇගේ නිසල ජිවිතයට
පාරිශුද්ධ ප්‍රේමයට
මෛත්‍රි සිතින් පෙම් බැන්ද මසිත
දින සියයෙන් හදපු
ප්‍රළමක් යට නාය යන
කාළකණ්නි රාත්‍රියකි මේ
පුංචි රෝස කුසුමියක්කදුලු වාන් දමමින්
හිත දස අතේ ගසමින්
තුවාල කර ගන්නා
මුසලම රාත්‍රියකි මේ.....

ඇය මගේ ජිවිතයම විය. ඇය මගේ හුස්ම පොදම විය. එහෙත් පටන් ගත් තැනම මට වැරදී ඇත. කන්ටෙනරයකට පස්ස ගාත් යට වු බල්ලෙකු සේ මම වෙදනාවෙන් මිරිකෙමින් හිදිමි. මදුරැ කොයිල් දුමට අන්දමන්දව දිව යන මදුරැවෙකු සේ මම තැති ගනිමින් හිදිමි. උවැසියක් ඉදිරිපිට අදනකඩය ලිහි ගිය සාමණේර නමක් සේ මම ලජ්ජාවට පත් වෙමින් උන්නෙමි.

හැමදාම එකම හඩින් වේදනාවෙන් කෑ ගසන මුහුදු වෙරළ අභියස මගේ සිහිය මම විකල් කර ගත්තෙමි. පියවි සිහිය දැං මට රැගෙන එන්නේම මාරාන්තික හීන පමණෙකි. මගේ අතින් ඇගේ හිත කුඩු වී ඇත. ඇගේ දෙනෙතට කදුලු උරැම කර ඇත. ඇගේ ජිවිතය උඩු යටිකුරැ කර ඇත. තව දුරටත් පියවි සිහියෙන් මට සිටිය නොහැක.
අසීහියෙන් මම වෙරළ කොනක පුංචි වලක් හාරා මගේ තඩි කවි හිත වළ දැමුවෙමි. මුහුදු වතුර වල තුලට කාණ්දු වීම හේතුවෙන් හෙට එළි වන විට එය කුණු වී ගද ගසනු ඇත. නැතහොත් කුපාඩි බල්ලෙක් එය හාරා එළියට ඇද දමනු ඇත. කුමක් වුවත් ඇං මට කම් නැත. කාළකණ්නිකමද කරපින්නාගෙන මම වාරැවෙන් ගාලු පාර දෙසට පිය ඔසවමි. ඔබේ ඇගේ හැපුනොත් මට සමාවෙන්න....
මතට තිත වෙනුවට අත්වැරද්දකින් මම තබා ඇත්තේ කොමාවකි........


ජිවිතේ ඇතැර මරණය සොයා මම යමි.
හැමදාමත් තරැ
මං ආදරේයි........





Thursday, August 6, 2009

තුහිනයක් සේ ඔබ ඇවිදින්........


කොළ හතරක කැඩි‍චිච සිංහලෙන් ඔයා ලියලා එවපු අමාරැ ලියමන මාව තැති ගන්වනවා. කදුඑ ලේ බවට පරිවර්තනය වෙලා, ලේ තීන්ත බවට වෙස් පෙරළිලා ඔයාගේ වර්ථමාන කතාව ආයෙත් මට ලියලා එවලා. මං ලග පොදි ගහලා ගිය හීනයි, ඔයාගේ සවිස්තරාත්මක ලියමනයි ගලප ගන්න බැරිව මං හතර අත කල්පනා කරනවා. ඔයා හැමදාම කිවිවා වගේ හීන ඔයාගේ ජිවිතය තුල යතාර්ථයක් නොවන බව මට දැං පසක් වෙනවා. සංවිධානයෙන් ඔයා අයින් වුණේ මගෙන් රැකවරනයක් බලාපොරොත්තුව. ඔයා මං ලග ගුලි ගැහුණේ නැති වුණ ජිවිතය හොයාගෙන, ඔයා ආයේමත් ගමට ගියේඅතීතය වළලන්න හිතාගෙන. එත්...... අද ඔයා මට තුස්තවාදී ලියමනක් එවලා.......

ජිවිත වල මිල ගණන් කැදවනවා කියලා ඔයා එකේ ලියලා තිබුණම, මම වැඩිපුර බය වුණේ ඔයාට අතීතයේ තිබුණු සබදතා ටික එචිචර හොද නැති නිසා. එහෙත් කරන්න වෙන විකල්පයක් නැති නිසා ම ඔයා නැවත සංවිධානයට බැදුනා කිවිවම මම ටිකක් සංසුන් වුණා. එත් ඔයා ගැන පරණ තිබුණු භීතිය තවම එහෙමිමයි. මට තිබුණේ මං ගැන බයකට වඩා ඔයා ගැන බියක්. ඔයාමයි මගෙන් අවසර ඉල්ලුවෙ අඑතින් ජිවිතේ පටන් ගන්න උදවි කරන්න කියලා. එත් ඔයා නවත්වපු පරණ තැනින් පරන ගමනෙම යෙදිලා. කිසිම දවසක ආදරය අත්විදලා නොතිබුණු ඔයා මගේ පපුව උඩ ගුලි ගැහුණේ උණුහුම හොයන පුංචි කෙල්ලක් වගේ, ඇත්තටම මට දැං ඔයාව නැති කරගන්න ලෝබයි . ඔයා ලග තියෙන පිචිච මල් සුවද නැතිව මගේ හිත තොන්තු වෙලා. එත් මෙ ලියමනින් ඔයා මගේ හිත ආයේමත් පහුරැ ගානවා .සමහර විට මම ආත්මාර්තකාමි ඇති එත් පරාර්තකාමි ඔයාගේ අරගලයට වඩා මට ඔයාව ඔන වෙමින් තියනවා.




කිළිටි අඩිපාරවල්
තවම මගේ ජිවිතය මත
නුඹ ගිය පසුත්
කුංකුම තැවරැමි
තවම මගේ පපුව මත
වැතිර හිද
නුඹ ගිය පසුත්
නාය යමින් තිබෙන පුර්තනා පොදියත්
තවම බරට මගේ පපුව උඩ
කදුඑ තවරා
නුඹ ගිය පසුත්


උඩින් දාපු බෝමිබ වලින් ඔයාගේ ගමෙ මිනිස්සු ගොඩකගේ ජිවිත නැති වුනා කියලා ඔයා කියලා තිබිබා. කවදාවත්ම මට නොකියා තිබිබ අමිමයි අප්පයිත් මිය ගිහින් කියලා ඔයා කියලා තිබිබා. ඔයාව නැවත සංවිධානය දෙසට තල්ලු කරන්න එක ලොකු හේතුවක් කියලත් ඔයා කියලා තිබිබා. තව මොන මොනවදෝත් ඔයා කියලා තිබිබා. මං ඔයා ලග නොහිටපු අඩුව ඔයාට ගොඩක් දැණුනා නේද?? මැරෙන්න හරි මට ඔයත් එක්ක යන්න එන්න තිබුණේ. ඇත්තටම ඔයයි මාව නැවැත්තුවෙ එහෙමනමි ඔයා සංවිධානයට යන්නේ නැතිව මගේ පපුව ඇතුලටම කිදා බහීවී. තිලකයක් තියපු ගැහැණියෙක්ව අරං මං කොහොම හරි ඔමන්තේ පනිනවා එහෙනමි.

83 දී ඥාණදාස මාමට නවාතැන් දීලා අපේ අප්පචිචි මෙහේ උන් පුචිචලා මැරැවා, රට බෙර ගන්න ඔනේ කියලා අයියා ආමි එකට ගිහින් අද වෙනකං ආරංචියක් නැහැ, මෙ ඔක්කොම අතහැරලා මට ඔන වුණේ ඔයාව, ඔයාගේ පුංචි හිනාව. මතකද ආතේ ඇගිලි ගානටත් අඩුවෙන් හිනාවෙලා තිබුණු ඔයාව එක දිගට සතියක් මං හිනැස්සුවා. ඔයාගේ ඇස් වලින් කදුඑත් පැන්නා එතකොට ඔයා මගේ කමිස උරයෙන් ඒ කදුඑ පිහලා දැමිමා.

සමනළී.............. ඒ කදුඑ තාවම මා ගාව. අප්පචිචි නැති වුණ වෙලේ අමිමා අඩපු කදුඑත් තාවම මා ගාව, අයියා ගැන ආරංචියක් නැතිව උඩබලාගෙන අමිමා හුල්ලපු සුසුමි වැල් ටිකත් තාවම මා ගාව... මෙ පාප කර්ම ටික ඔක්කොම පියවෙලා යන්න කියලා මං හිතාගෙන හිටියේ ඔයාගේ ඇතුලේ දියවෙන්න.........
සමනළී....... කොණ්ඩ කරල් දෙකක් බැදගෙන යුනිෆෝමි එකක් ඇදගෙන ඔයා යුද්දෙට ගිහිල්ලා. මගේ අප්පචිචිටත් අයියටත් වුණ දේ ඔයාට වෙනවට මං බයයි පැයෙන් පැයේ මැරිචිච ගණන වෙන්දේසියේ දානවා වගේ කියවගෙන යනවා. මට ටීවී එක උස්සලා පොලවෙ ගහන්න හිතයී, එත් ඔයා ගැන හරි ඔයාගේ ජිවිතය ගැන හරි බලාපොරොත්තුවක් මට දැං එකෙන් තියෙනවා.

ඔයා කරන වැඩෙ හරිද වැරදිද කියලා මං දන්නේ නැහැ. එත් ඔයා ඉපදෙනකොටත් ඇහුණේ බෝමිබ සද්ද... ඔයා සෙල්ලමි කරෙත් බෝමිබත් එක්ක.... ඔයා හිතේ තද වෙන්න පුරවගෙන හිටියේ වෛරයක්...... එත් මං ඔයාට ආදරය දුන්නා..... වෙන කාටවත්ම දෙන්න බැරි වුණ පේමයෙන් ඔය හිතේ තිබිබ වෛරය මම මකලා දැමිමා ඉතිං ඔයා සින්නක්කර අයිති මට....... හෙට උදේ පෙන්වන මිනී කදු උඩ ඔයත් හිදිවි කියලා තමයි මගේ හිත කියන්නේ. එහෙම හොදයි තවදුරටත් බෙරිලා පැනලා ඇවීත් දහදුක් විදිනවට වඩා... යටත් වෙන්න කියලා කිවිවට උන් ඔයගොල්ලෝ හැමෝම එක වෙඩි පහරින් මරලා දාවි. මම උදේ ම පංසලට ගිහින් ඔයව පසාරැ කරගෙන යන වෙඩි උණ්ඩයෙන් ඔයට අවම රිද්දමක් තියෙන මරණයක් ගෙන්න කියලා පුර්ථනාවක් කරන්නද???

කවමදාවත් පිරිමියෙකුගේ පහසක් නොලබා තිබුණු ඔයාව මුලින් ම සිප ගත්තේ මම මතකද.............??? පිරිමි අත් දෙකකින් ඔය කඩා වැටෙන කොණ්ඩෙ පිචිච මල් වැලක් ගැහුවෙ මම මතකද...........???? බයෙන් බයෙන් හරි ඔයා මගේ අතේ එල්ලීලා මුඑ කොළඹ පුරා ඇවිද්දා මතකද.........???
බලන්න සමනළී ...........
මෙ කොළඹ ම පාඑවට ගිහින්
මුසල පැහැගෙන
ඔයා දගල දගල පාගපු මුහුදු වතුරත් රත් පැහැගෙන
ඉර මලානික වෙලා
සමනළී ඔයා අයිති මට, මගේ හිතේ විමුක්තිය උදුර ගත්තේ ඔයා
ජිවිතය ඔයාව හොයාගෙන එනකොට ම මරණය වෙඩි උණ්ඩත් එක්ක ඔයා පස්සෙමි ම ඇවිල්ලා ඔයාගේ, උන්ගේ ලේ වලින් තෙත බරිත වෙචිච මෙ පොළව උඩ පොරැවක් ගහලා ඔයාගේ මරණේට හිනා වුණ එකියක් එක්ක දීග යන්න කියලා හෙට මට සමාජයෙන් බල කරාවී, මටත් කියලා එවන්න පේමයෙන් පිරිචිච මනුස්සකමෙන් බැබලෙන හෙට දවසකට මමත් එනවා කොහේ හරි ලෝකයකට ඔයත් එක්ක



............මල් සුවද රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඩ ගසයි
අනේ අපි කවදාක
හින හෙමුද ඒ රටෙ..........

මම අරවින්ද










Thursday, April 9, 2009