Showing posts with label a poem. Show all posts
Showing posts with label a poem. Show all posts
Thursday, May 20, 2010
Tuesday, December 8, 2009
කාලෙකින් ආයෙමත් ඡන්දයක් ඇවිල්ලා
ලග එන සංග්‍රමය
Tuesday, November 3, 2009
පිදුම

මම මෙ වට රවුමෙ තනිවම හිදිමි
වෘත්තීයවෙදින් බුද්ධිමතුන්
කවීන් ලේකකයන් සහ
ප්‍රගතශීලී යැයි කියා ගන්නා
පිරිවර සමග සියලු මිනිසුන්
මා හැර ගොසිනි
බෝහො අය
මාධ්‍ය සුනාමියෙන් ගසා ගෙන ගියහ
සමහරෙකු සිය කැමැත්තෙනි
කිහිපදෙනෙකු පලා ගොසිනි
අතුරැදහන් වුහ වෙඩි වැදී මියදුනහ.
යුධෝන්මාදයෙන්
බැබළෙන සැණකෙළි සිරියට
රොද බැදෙත් සැවොම යාබද වට රවුමට
මෙ විජයග්‍රහණයේ වෙලාවයි
රතිඤ්ඤා මල් වෙඩි මැදින්
ඹල්වරසන් සරින්
වා ගැබ දෙරෙවයි
මරණයේ ඉලක්කමි වලින්
සිංහල සිරැරැ උණුසුමි වෙ
මෙ වටරවුමෙහි
මෙ පුවරැව ඇතැතිව
මා නිහඩව සිටින විට
ඔවුහු පිළීකුලෙන් මා දෙස බැඑහ.
උන්මත්තකයා යැයි කිහ
මගේ හඩ අවදිවන සැණින්
ඔවුහු මට සැගවී පහර දුන්හ
දේශදෝහියා යැයි කිහ
මා ක්‍රියාත්මකවෙද
ඔවුහු මා අත්අඩංගුවට ගත්හ
ත්‍රස්තවාදියා යැයි කීහ
සුභ හෙටක් වෙනුවෙන් මගේ රටට
මරාගෙන මැරෙමිය මම
මෙ සත්‍යය
යුද්ධය මානුෂිකයැයි කියන
සාමය අරං එනවැයි කියන
නෑසියන්ගේ මරණය නොදැනෙන
කෙළඹ මඩකළපු හින්දුනී
නුඹෙ උණ්ඩය
වැඩියෙන් පහසුවෙවීය මට
කිතුනුවෙනි ඉස්ලාමි භක්තිකයෙනි
පවි සමාකරගෙන ආවොත්
ඉලක්කය නොවරදීවී නුඹට
බුදුන් වදිනා බොදුණුවනි
ජාතිය වෙනුවෙන් තියන වෙඩිල්ලට
නුඹ දනි පවි නැති වග
ප්‍රාණය නිරැද්ධ දරදඩු ඇගිලි අතරින්
ගලවා ගත් සටන් පුවරැව විසිකර
කවරෙකු හෝ හෙට
මා වළ දමනු ඇත.
නුඹලාගේ බොදව යන
ප්‍රිතී ඝෝෂා දකින්නට
මෙ වටරවුමෙහි
මා නොසිටිනු ඇත.
අන්තිම දෙමළාගෙත් මරණය පතාගෙන
අන්තිම සිංහලයා තෙක් ම මියැදෙන
වෛරයේ දරැවන්ගේ හෙට
මා නොදකිනු ඇත.
එහෙත්
ජාති කුළ ආගමි නොතකා
මිනිස් ජිවිතයට ආදරේ කරන
තවෙකෙක්
කොහේ හෝ සිට පැමිණ
මගෙන් ගිලිහුණු මෙ පුවරැව
මෙ වටරවුමෙහිම හිද
ඔසවනු ඇත.
එහි මෙසේ ලියා තිබෙ
යුද්ධය නවතවි!
වර්ග සංහාරය නවතවි!
නොමළ මිනිසුන් අතරින්
එකා දෙන්නා ඔහු කරා ඇදෙනු
මා දකිනු ඇත.
මහේෂ් මුණසිංහ
Monday, November 2, 2009
ආබාදිත සොල්දාදුවා සහ බුදු හිමි

මහල්ලන්
තුවාලකරැවන් හා ලෙඩුන්
පැටි වියේ - වැඩි වියේහි මළ කදන්
තොග ගණන් දුටුමි
පවිකාරකමි වලට දිරි ගන්වන
පැවැදී රෑ දුටිමි
පිරිත් නූල්ද බදිති.
විවරණද ලැබිමි මවගෙන්
රට රකින මට බුදු වන්නට
ඇස් මස් ලේ දන් දී
ඔබ වෙත පැමිණියෙමි
එනමුදු බුදු හිමියනේ
නුෙඔ බැල්ම අරැමය
ගමිමුන්ට දැං අමතක වුව
බිරිද හා දරැවන් එක්ක
සෙත් පතා ගයන සෙත් පිරිත් මැද
මගේ හිස විනිවිදී
නුෙඔ නුහුරැ බුදු නෙත
මැවෙ මවිසින් මරා දැමු මිනිසුන්
තැන තැන වැටුණු
ඔවුන් කෙසගය
දුක් විදි දුප්පතුන්ය
එකම පැහැයය
එකම හැඩයය
සියල්ලන්ටම මගේ මුහුණම හිමිය
සිය දහස් ගුණයකින්
මා මරා දමා ඇත්තේ
මාවමද
ගාථා කියන පොඩි හාමුදුරැවන්
පිටුපසින් හිද
නුඹ පාන මදහස
නොපෙනෙන්න දෑස් වසා ගනිමි
දෑත් පෙනෙයැයි බියෙන්
වදින්නටවත් නුස්සමි.
මහේෂ් මුණසිංහ
තුවාලකරැවන් හා ලෙඩුන්
පැටි වියේ - වැඩි වියේහි මළ කදන්
තොග ගණන් දුටුමි
පවිකාරකමි වලට දිරි ගන්වන
පැවැදී රෑ දුටිමි
පිරිත් නූල්ද බදිති.
විවරණද ලැබිමි මවගෙන්
රට රකින මට බුදු වන්නට
ඇස් මස් ලේ දන් දී
ඔබ වෙත පැමිණියෙමි
එනමුදු බුදු හිමියනේ
නුෙඔ බැල්ම අරැමය
ගමිමුන්ට දැං අමතක වුව
බිරිද හා දරැවන් එක්ක
සෙත් පතා ගයන සෙත් පිරිත් මැද
මගේ හිස විනිවිදී
නුෙඔ නුහුරැ බුදු නෙත
මැවෙ මවිසින් මරා දැමු මිනිසුන්
තැන තැන වැටුණු
ඔවුන් කෙසගය
දුක් විදි දුප්පතුන්ය
එකම පැහැයය
එකම හැඩයය
සියල්ලන්ටම මගේ මුහුණම හිමිය
සිය දහස් ගුණයකින්
මා මරා දමා ඇත්තේ
මාවමද
ගාථා කියන පොඩි හාමුදුරැවන්
පිටුපසින් හිද
නුඹ පාන මදහස
නොපෙනෙන්න දෑස් වසා ගනිමි
දෑත් පෙනෙයැයි බියෙන්
වදින්නටවත් නුස්සමි.
මහේෂ් මුණසිංහ
Monday, October 5, 2009
Sunday, September 27, 2009
Wednesday, September 23, 2009
Tuesday, September 22, 2009
Wednesday, September 16, 2009
Monday, September 14, 2009
Saturday, September 12, 2009
Friday, September 11, 2009
Wednesday, September 2, 2009
Tuesday, September 1, 2009
Subscribe to:
Posts (Atom)

















