Monday, August 10, 2009

යුද්ධය අවසන් වු පසු ..............


සකලවිධ ලාංකිකයන්ගේ ආශිර්වාදය මැද දශක තූනකට අධික කාළයක් ඇදි ඇදී ගිය යුද්ධය රාජපක්ෂ ආණ්ඩුව විසින් අන්තෙටම අවසන් කර ඇත. මෙතෙක් කල් සැගව සිටි වීරයන් අඑ දුළි ගසා නැගිට රාජපක්ෂ ජනාධිපතිතුමාව සකල දේශය එක්සේසත් කල රජතුමාට අන්දවා ඇත (ඇද ගැනීම හෝ නොගැනීම අතිගරැ ජනාධිපතිතුමාගේ වැඩකී). දැං මෙ රජතුමා උතුමි ධරණීය තලය බත බුලතින් ස්වයං පෝෂිත කරන තෙක් රට වැසියෝ දෑස් විහිදා බලා සිටිති. සත්‍ය වශයෙන්ම මෙ මොහොතේ රට ඉදිරියේ ඇත්තේ ඉතාම හොද අවස්ථාවකි. එහෙත් දශක තුනකට ආසන්න යුද්ධය අවසානයේ දකුණේ ජිවිත සියවසකින් පිටුපසට ගමන් කර ති‍බෙ. පරාජයෙන් පසුත් දෙමළ විමුක්තිකාමින් (ඔබ කැමති ලෙස තුස්තවාදීන්) ලද එකම ජයගුහණය නමි දකුණේ පැවති සියඑම දේශපාලනයන් මෙ භුමියෙන් වාෂ්ප කිරිමයි. දැං සියඑ දෙනා භුමණය වන්නේ දේශප්ලනය වටා නොව කුරහන් සාටනය වටාය. මෙ නිහඩ බවින් ගැලවීමට කිසිදු ලාංකික‍යෙකු සිහිනෙන්වත් පුර්ථනා නොකරයි. මක්නිසාදයත් ඔවුන්ගේ සිහිනය මෙවන විටත් සැබෑවී හමාරය. දැවැන්ත යුද්ධය අවසන් වී ඇත. දැං මෙ පිං බිම සුකිත මුදිත වනු ඇත (කෙසේද කියා දන්නේ දෙවියන් පමණී).

යුද්ධය අවසන් වීමත් සමගම අරක්කු සහ සිගරටි තහනමක් ගෙන ආවෙය. සියඑ අය ඊට හුරේ දැමු අතර විරැද්ධ වු අප වැනි කුඩා ළමුන් බෙබදුදන් සේ ඔවුනට පෙනීන. නමුත් තවමත් ඔවුන් අඩු වැඩි වශයෙන් එම කාර්්‍යයේ දිගටම නියැලෙමින් සිටිති. අඩුම තරමෙ අපේ විරැද්ධත්වය කුමක් සදහාද යන්නවත් ඔවුන් දැන සිටියේ නැත. දැං මොවුන් වැඩියිටියන්ට පමණයී චිතුපටි තහනමක් ගෙන එමින් සිටියි. තමුන්ගේ ළමුන්ට එයින් හොදක් වන නිසා මෙ වැඩිහිටිහන් ඒ සදහාද තම මුකය වසා සිටියි. පාසල් වල ජංගම දුරකතන තහනමි කරන ලද්දේ ශිෂ්‍යාවක් පැලද සිටි ටයි පටියෙන් සිය දිවි නසා ගත් පසුවය. තුවාලය අනුව බෙහෙත් දැමීම වෙනුවට තිබෙන එකම බෙහෙත සියඑ තුවාල සදහා යෙදීම මෙහි හිනා යන ස්වරෑපයයී. පුශ්ණ පත්තරයක් හරි හැටි මුදුණය කර ගත නොහැකි අධ්‍යාපන ඇමතිතුමාගෙන් අපට මීට වඩා දෙයක්ද බලාපොරොත්තු විය නොහැක.

නාටකයේ අඑත්ම ස්වාභවය නමි සකල දේශය එක්සේසත් කල රජ්ජුරැවන් වහන්සේ විසින් හොද ලංකාවක් වෙනුවෙන් පාතාල කල්ලීන් මෙ උතුමි ධරණීය තලයෙන් අතුගා දැමිමට කටයුතු කරම්න් සිටියි. රාජ්ජයට පක්ෂපාත සුවච කීකරැ මැති ඇමතිවරැන්ගේ පාතාල සාමාජිකයන් ආරක්ෂාව පිට ජාත්‍යන්තර ගූවන්තොටුපලින් පිට වෙද්දී තමන්ට විරැද්ධවාධීන් සමග සමිබන්ධතා ඇති සකල විධ පාතාල වණ්දීභටිටකයන් මෙ වන විටත් පොලිස් වෙඩි පහරින් මිය යමින් සිටියි. අමු අමුවෙ උතුරැ පුදේශ වල දහස් ගණනින් ජිවිත විනාශ වෙද්දී සිනහා මුසු මුහුණින් එදෙස බලා සිටි ලාංකිකයාගෙන් මෙ සදහා හඩක් මතුවෙයැයි සිතීම අපේ අණුවන කමය. තුස්තවාදය ඇති කාළයේ රාජ්ජ පාලනයට විරැද්ධව ලියු කියු සියඑ දෙනා සිංහල කොටි නැතහොත් තුස්තවාදයට උල්පන්දමි දෙන්නවුන් ලෙස ආණ්ඩු මටිටු කරන ලදී. දැං වෙනස එවැනි පුද්ගලයන් පාතාලය හා සමිබන්ධතා ඇතැයි නමි කොට ඔවුනට තඩි බෑමය. එහි නියම ජවනිකාව SSP වාස් ගුණවර්ධණ මහාතා සහ එම මැතිණීය විසින් පසු ගිය දිනක රග දක්වන ලදී. පහර කෑ සිසුවාගේ ඇදුමි ගලවා පචිච කොටා ඇත්දැයි ඔවුන් විමර්ශනය කර ඇත. පචිච ගහන උං සියල්ලන්ම දැං පාතාල සමාජිකයන්ය. එහෙත් මෙ උතුමි දේශයේ මිනිසුන් නිහඩය. මහින්ද අබෙසුන්දර මහාතාට නොතේරෙන්නේ කතා කරන සියඑ දෙනා තම ජිවිතය පවා පරදුවට තියමින් සියඑ දේ හෙළි කරනුයේ සාටකය හරහා ලැබෙන ලභ පුයෝජන නිසා නමි නොවන බවය. අනෙක ඔවුනට මෙ රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමටද අවශ්‍යතාවක් ඇතැයි නොසිතමි. මෙ සකලවිධ උත්සාහයන් රටක් වශයෙන් අප දියුණු තත්වයක් උදා කර ගැනීම සහ නැතිවෙමින් යන පුජාතන්තුවාදය නැවත ස්ථාපිත කිරිම පිණිසය. මහින්ද අබෙසුන්දර මහාතා විමසුම වැඩසටහනින් කියන්නේ කේ.පී. ගේ තැනට දැං කුළියට ලියන මාධ්‍යවෙදියෙකුට අයදුමි කල හැකි බවයි. එතුමා නොදන්නේ කුළියට ලියනවා යැයි කියන විට තමාද ඒ ගොඩට වැටෙන බවය. සමහර විට කමන්ගේ සිතෙහි එවැනි අදහසක් තිබුණාට අපට කමි නැත. තමන්ද නියෝජනය කරන පුවතුපත්වෙදීන්ට නින්දිත අයුරින් මඩ ගසන්නේ බඩ ගෝස්තරවාදයට බව දන්නෝ දනිතී. කේ.පී. ගැන මෙන්ම වාස් ගුණවර්ධන ගැනත් විමසුමෙ කියන්න, රටින් හොර රහසේ ම පිට කල මැරයන් ගැනත් කියන්න, විභාග පුශ්ණ පත්තර හදා ගන්න බැරි රාජ්‍යය ආයතනවල අවිධිමත් භාවය පිළීබදවත් කියන්න, එහෙම කියන්නට බැරි විට කුළීකරැවන් කවුදැයි කාටත් තේරැමියාවි.

වණ්ධිභටිටකයන්ගෙන් සහ පුරෝහිතයන්ගෙන් කිසිදු අඩුඩක් නැති මෙ උතුමි දේශයට දැං අවශ්‍යව ඇත්තේ මනුෂ්‍යත්වයෙන් පිරි හදවත්ය. බුද්ධිමතුන් යැයි හදුනාගත් සියඑ දෙනාද මෙ මොහොතේ ඇස් කන් පියා සිටින විට අප කුමක් කරමුද....????
රෝහන විජේවීරත් සමග මෙරට හෘද සාක්ෂිය වල දැමුණු බව මගේ අදහසයි. අපි දැං මිනි වලවල් කැණීමි කරමින් සිටින්නෙමු. 94 දී කටිටියක් ඒ සදහා දායක වී දැං ආගිය අතක් නැත. අප සොයන්නේ නිහතමානී මිනිසෙකී...........

ඔය කිවිවට හෙට එචිචරම නරක නැති වෙවී...................


අරවින්ද පෙරේරා
2009 08



No comments:

Post a Comment