Thursday, October 29, 2009

මල් නොපිපෙන දේශය...


නපත් බල්ලන් අතින් තම නායකයා ඝාතනය වුවට පසු ජනතා විමුක්ති පෙරමුණ අඑ දූළී ගසා නව වෙසයකින් තරග බිම‍ට සැපැමිණියේය. සාරී පොටෙහි එල්ලී ක්‍රම ක්‍රමයෙන් මෙ මජර ක්‍රමයේ ඉහළටම නැංග ඔවුන්‍ බලයේ රස්නිය නිසා එක් වරම දෙකඩ විය. තම නායකයා ඝාතනය කල ධනපති බල්ලන් සමග සහවාසයට වරක් නොව දෙවරක් ගමන් කිරිම හේතුවෙන් තම පතිවෘත්තාව කෙලසගෙන දැං හත් පොලේ ගා ගනිමින් සිටියි. දේශපාලන පක්ෂයක් හැටියට තමන්ට ඇති වගකීමි සියල්ල මග හැර මෝඩ ජනතා සිතුමි පැතුමි හි තකතීරැ විදිහ‍ට සමපාත වි අවම කර ගත හැකිව තිබු ව්‍යසනයක් විකාරයක් තෙක් තල්ලු කලේද මොවුන්මය. දැං අරක අහෝසි කරවි, මෙක දියවි කියා ලිප්ටන් වට රවුමෙ කෑ ගැසුවාට වැඩක් නැත. ඔබෙ පීඩිත පංති සගයා දැං සිටින්නේ මාර ආතල් එකකය. තමන් වැනිම පීඩිත පංති සගයන් සමුල ඝාතනයට කොන්දේසි විරහිතව පක්ෂපාත වු මොවුන් තවමත් කාවදෝ රැවටීමට හදිසි නීතිය මග හැර යමින් හිදියි. ඉදිරියේ පවත්නා මැතිවරණ සදහා Post modernism socialism theory එකක් හොයා ගන්න වෙවි. මිරිස් වපුරා රෝස මල් නොසයන්න. ලංකාව තුල පක්ෂයක් ලෙස හදුනා ගත් මොඩලයේද අවසානය ලංව ඇත. අප බලා සිටින්නේ දුකෙන් නොම වුවත් ඇති අඑත් සතුටක්ද නැත. අන්තගාමි සමාජවාදියා මිය ගිය පසු අපිට නිර්මානාත්මක විප්ලවීය සමාජවාදියෙක් තනා ගත හැක. අපට තවමත් මතක ගීයක් ඇත. අද එය ජවිපෙට අදාල නැති වුවත් අපට තවම අදාලය. මක්නිසාද සමහරවිට හෙට කාකී ඇදුමක් ඔබෙ පාලකයා විය හැක. එ ඔබ නිසාමය.


රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබළුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව..


ඉලක්කයට නතු වන විට රුදු මරණයෙ ඉරණම් කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට හිමි මරණ ගනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පළදින තරු


මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලක කට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් ජනන් මරතොත් නුඹ සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය

No comments:

Post a Comment