
අරවින්ද මම ම ඔබට ලියන්නමි. කිසිදිනක අකුරක්වත් මට ලියා නැති ඔබට මම ම ලියන්නමි. එ ගැන මගේ හිතේ තරහක් නැහැ. මම මොනවට තරහා වෙන්නද? ඒ අරවින්ද ඔයාගේ හැටිනේ. මෙනකා අක්කා කියනවා වගේ අරවින්ද හරිම පුදුම කෙනෙක්නේ. අරවින්ද ගමෙ මිනිස්සුත් පවුලේ උදවියත් ඔයා පුදුම කෙනෙක් කියලා කිවිවට ඔයා හරිම පුදුම කෙනෙක් නෙවෙයි. ඔයාව ඒ ඈයෝ කවුරැත් තේරැමි ගත්තේ නැහැ. මට හිතෙන්නේ බතී වුණත් තේරැමි ගත්තේ පස්සෙන් පහු.
අරවින්ද ඔයා මට වචන වලින් නොකිවිට මම දන්නවා ඔයා මට ආදරය කළා කියලා. ඔයාට ඔයාගේ හිත රවටිට ගන්න බැහැ අරවින්ද. කැරොල් පෙරහැර බලන්න මම ඔයාලයි ගෙදරට ආව දවසේ මම ඔයාගේ හිත තේරැමි ගත්තේ. කැරොල් සිංදු කියපු ළමයි වගේම ඔයත් සතුටින් මාත් එක්ක කතා කලේ.
ඔයා ලිපිකාර විභාගේ පාස් වුණාම මම කීපාරක් ඔයාව කසාද බැන්දද හිතින්. ඔයාට ලැබුණු පඩියෙන් අපිට ගෙයක් අරගෙන ජීවත් වෙන්න තිබුනා. මම එහෙම යෝජනා කරලා ලියුමි එවිවට අරවින්ද නිහඩ වුණා.
මෙනකා අක්ක නමි මට කැමති වුණේ ඇත්තටම මට ආදරෙන් නෙවෙයි. මගේ දේපළ වලට තියෙන කැමැත්ත නිසා.
අරවින්ද ඔයාට කලින් බොහොම ඉස්සර මම මැරැනා. එක ඔයා දන්නවා. මම සිරිදාසත් එක්ක විවාහ වුනේ සතුටකින් නොවෙ. මගේ විවාහ උත්සවයට අරවින්ද කොචිචර උදවි කළාද?? ඔයා වගේ කෙනෙකුට ඇරෙන්න එහෙම කරන්න අමාරැයි. අරවින්ද කුළී ගෙදරක දුක් විදින කොට මම අරවින්දට එක එක මනාලියෝ යෝජනා කලා. මම එකට සිරිදාසවත් මෙනකා අක්කවත් හවුල් කර ගත්තා. මම සතුටු වුණා අරවින්ද කසාද බදිනවා නමි. එත් අරවින්ද මම ඇත්තම කියන්න ඔන. අරවින්ද වගේ මට විරාගික හිතක් නැහැ. මගේ හිත යට පුංචි ඉරිසියාවක් තිබුණා. මට වඩා අරවින්ද කොචිචර වෙනස්ද?? මම කසාද බැන්ද දවසේ අරවින්ද සතුටු වුණා. අරවින්ද කසාද බැන්ද නමි මට එහෙම සතුටු වෙන්න පුඑවන්ද.....
මීට, සරෝජිනී
රාවය, 18 පිට අගෝස්තු 16
No comments:
Post a Comment